Tuesday, October 1, 2013

ජේකබ් කොල්ලාගේ ෆස්ට් ලව් 1

ජේකබ් කොල්ලා මුලින්ම දාන්න හිතුවා ජේකබ් කොල්ලාගේ ෆස්ට් ලව් 1 ගැන.මොකද කීවොත් ඒ සිද්දි  මතක් කර කර ජේකබ් කොල්ලා තාමත් තනියම හිනා වෙනවා.වැඩේ කියන්නේ තාමත් එ කෙල්ල දන්නේත් නෑ ජේකබ් කොල්ලා එයාට ආදරේ කලා කියලා.කොටින්ම ජේකබ් කොල්ලා දැන් එයා කොහේ ඉන්නවද කියලා දන්නේත් නෑ.ඒත් ජේකබ් කොල්ලා තාමත් එයා දකින්න ආසාවෙන් ඉන්නවා.හැබැයි යාලුවෙක් විදියට.ජේකබ් කොල්ලාට අවසානෙට දැනගන්න ලැබුන විදියට නම් එයා කොලොම්පුරේ ලොකු ස්කෝලෙක ඉන්නවා කියලා.

බොරු කිව්වා ඇති  අපි පටන් ගමුකෝ කතාව.ඔන්න මේකයි කතාව......

තව එකක්.දැන් මේ කතාව කියවලා සිද්දිය දන්න අය කෙල්ල කව්ද කියල කියනවා නෙමෙයි.

මේ කතාව පටන් ගන්නේ වර්ස දෙදාස් මුල් ගනන් වල.ඒ කියන්නේ ජේකබ් කොල්ලා 3 වසරෙදි.(දැන් කියන්න එපා මූ පොඩි කාලේ ඉදන්ම කුකුලෙක් කියලා :පී )අනේ එහෙම නෑ.කෙලින්ම කතාවට බැස්සොත් , එයා තමයි අපෙ ස්කොලේ හිටිය ලස්සනම කෙල්ල.අපේ ස්කෝලෙ ප්‍රාථමිකයක්.මම ඒකට ගියේ 2 වසරේ ඉදන්.මුල් අවුරුද්ද නිකන්ම වගේ ගෙවිල ගියා.කස්ටිය සෙට් එකම 3 වසරට ගියාම ලොකු අයියලා වෙලා කරන්නෙම ලොකු වැඩ.ඒවත් පස්සේ කියන්නම්.ඔන්න ඉතින් 3 වසරට ගිහින් ටික දවසක් යද්දී අර කෙල්ල දකිද්දි අමුතු අමුතු දේවල් හිතෙන්න ගත්තා.ඒවා දැන් ලස්සන කෙල්ලෙක් දැක්කම හිතෙන දෙවල් වගේ නෙමේ.හරිම බොලද දේවල් තමයි හිතෙන්නේ.හිතුනේ එයා එක්ක හින්දි පිලුම් වල සින්දු වල වගේ මල් ගස් වටේ දුවන වගේ හරිම බොලද දේවල්.ඒ කෙල්ල ගොඩක් දගයි.හැබැයි පස්ට මීටරේ.හැමදාම පන්තියේ පලවෙනියා.කොච්චර වැඩ පුලුවන් උනත් එයාගේ දග වැඩ වලත් අඩුවක් නෑ.එයාට කොල්ලෝ විහිලු කලාම පන්තියේ තියෙන කොස්ස උස්සන් පස්සේ එලවනවා ගහන්න.(දැන් අහන්න එපා ජේකබ් කොල්ලාත් එහෙම බයෙ දුවල තියෙනවද කියල??ජේකබ් කොල්ලා එහෙම දුවල නෑ.එයා මට බය වෙලා හිටිය නෙමේ.ජේකබ් කොල්ලා පොඩි දවස් වල ගොඩක් අහින්සකයි.දැනුත් එහෙම තමයි :ඩී )

වැඩේ කියන්නේ හිතින් කොච්චර ලව් කලත් , ඒ කෙල්ල ඉන්න පැත්ත පලාතකවත් ජේකබ් කොල්ලා ඉන්නේ නැ.ඒකට හේතුව නම් තාමත් ජේකබ් කොල්ලාවත් දන්නේ නෑ.කොටින්ම කිවෝත් කෙල්ල කතා කලත් ජේකබ් කොල්ලා කතා නෑ.ලැජ්ජ බයට හැදුන කොල්ලානේ ඉතින් :පී. හිටපු ගමන් ඉන්ටවල් එකේදී කෙල්ල මූනටම හම්බ උනත් ජේකබ් කොල්ලා නෙමේ බලන්නේ.හැබැයි හොරාට නම් අනන්තවත් බලනවා.උදේ පාන්දර ස්කෝලෙට ගිය ගමන් හොයන්නේ එයාව.

කොහොමින් කොහොම හරි ස්කෝලෙන් අවුට් වෙන කාලේ ආවම යාලුවෝන්ට අර ලියන්න දෙනවනේ autograph කියලා ලස්සන පොතක්.ජේකබ් කොල්ලාත් හිතට උපරිම ශක්තිය අරන් අර කෙල්ලට දුන්නා මොනා හරි ලියලා දෙන්න කියලා.එයත් එයගේ autograph එක ජේකබ් කොල්ලාට දුන්නා.ජේකබ් කොල්ලාත් වැඩර් වගේ ඒක අරන් ලිව්වා "සුලගෙ ලෙලෙනා" කියන සින්දුවෙන් පද සෙට් එකක්.මම එයාගෙ autograph එක දුන්න වෙලාවෙ එයත් මට මගේ autograph එක දුන්නා.ලැබුන ගමන්ම කලෙ මොනාද ලියලා තියෙන්නේ කියලා බලපු එක.මල කෙලියයි.එයා එයගේ කඩ්ඩ වනල.පන්තියේ හිටපු සුපිරිම මීටරේනේ.පමනක් වචන වල තෙරුම් දන්නේත් නෑ.කොහොමින් කොහොම හරි ගෙදර ආපු ගමන් මලලසෙකර දෙවියන්ගෙ පිහිටෙන් ලියපු ටික තේරුම් ගත්තා.ඊලගට ඉතින් නිවාඩු කාලෙනේ.නිවාඩු කාලේ නැගිටින්නේ පරක්කු වෙලනෙ.ඒ පරක්කු වෙලා නැගිටලත් ඇදෙන් බහින්නේ මගෙ සිහින කුමාරි ලියපු කඩ්ඩ කියවලයි.ටික දවසකින් පිස්සුව වැඩි වෙලා ජේකබ් කොල්ලා සිහින කුමාරිගේ කඩ්ඩ තියෙන කොලේ යටින්ම චූටියට ලිව්වා


                         I   LOVE   YOU             

කියලා.ඒක ජේකබ් කොල්ලාගේ යාලුවො එහෙමත් දැකලා ජේකබ් කොල්ලා ටිකක් විතර වැඩියෙන් නොන්ඩි උනා.මොන දේ සිද්ද උනත් තාමත් ජේකබ් කොල්ලා ඒ කෙල්ල ගැන මතක් කර කර තනියම හිනා වෙනවා.ඒ කාලේ හරිම සුන්දරයි.

මගේ කතාව මින් අවසානයි.අමාරුවෙන් හෝ කියවූ ඔබ සැමට ස්තූතී.



ප.ලි.    : ජේකබ් කොල්ලා කැමතියි ජේකබ් කොල්ලාගෙ වැරදි අඩු පාඩුකම් තියෙනවා නම් කියනවට.එතකොට ජේකබ් කොල්ලාට ඒවා හදා ගන්න පුලුවන්නේ.